Showing posts with label වර්ග නොකල. Show all posts
Showing posts with label වර්ග නොකල. Show all posts

Friday, March 19, 2010

හැඳින්වීම...

ස්ප්‍රිනය ක්‍රමානුකූලව එතුන ලෝහ දඟරයකි, බොහෝ සෙයින් එය මලනොබඳින වානේ වලින් සැදුම් ලද්දකි. එය පෑගීමට තෙරපීමට ලක්වූ සෑම අවස්ථාවකම එමත ඇති වන්නාවූ පීඩනය දරා ගෙන එය ශක්තියක් බවට පත් කරගනිමින් ගැබ් කරගනී. පීඩනය ඉවත්වූ සැනින් නැවත පෙර තත්වයට පත්වීමේ විස්මිත හැකියාවද ස්ප්‍රිනය සතුවේ.

එයයි මගේ ජීවිත කතාව සැකවින්. මට හැඟුන අන්දමට නම් පෑගුන හැම වරකදීම ලද්දේ තව තවත් වැඩි ශක්තියකි, පෙරට වඩා ප්‍රබෝධමත්ව අධිෂ්ඨානයෙන් නැගී සිටින්න හැකි ධෛර්යයකි.

පුංචි ස්ප්‍රිනය මසිත තුල ඇතිකලේ අනුපමේය බලයකි. කටුක මාවතක ඉදිරියට පිය නගින්න ඉන් ලද ශක්තිය සුළු පටු නොවේ.

එබැවින්ම මෙ නව පියවර - බ්ලොග් කලාව; විශ්මිත දඟරය අරුත දෙන Amazing Spring සේ නම් කිරීමට අදහස් කලෙමි.

දයාබර සොයුර, සොයුරිය ඔබ සැම ඉතා ගෞරවයෙන් පිලිගන්නා අතර ඔබේ අදහස් නිරන්තරයෙන්ම බලාපොරත්තු වෙමි.

The Silent Magnetism of Calm Souls

` They do not roar to prove their worth, Or crowd the spaces of the earth; They filter thought before they speak, In gentle tones, serene an...